මෙරට පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානය කල් යයි..

India Australia Cricket Sri lanka Asian Cricket cup
By Aruna May 24, 2021 07:17 AM GMT
Aruna

Aruna

Report

 මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ මෙම වසරේදී එම තරගාවලිය පැවැත්වීම සදහා සුදුසු කාලයක් යොදා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

පවතින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට පොදු කාල පරාසයක් මෙම වසරේ නොමැති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව සදහන් කළේ.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර සදහා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ තීරණය කළා.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුවයි එම තරගාවලිය මෙම වසර දක්වා කල් දමා තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha