ගැටුම දුරදිග යෑමෙන් දෙවන බිරිඳ මිය යයි.

Death
By Thaya Mar 20, 2021 12:06 PM GMT
Report

නුවරඑළියෙ පතන forest creek වතුයායේ කාන්තාවන් තිදෙනකු අතර අද පෙරවරුවේ ඇති වූ ගැටුමකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ .මෙලෙස මිය ගොස් ඇත්තේ සැමියාගේ දෙවන කසාද බිරිඳ බව පොලිසිය ප්‍රකාශ කරයි. පොලීසිය සදහන් සඳහන් කළේ මියගිය කාන්තාවගේ සැමියා ගේ පළමු විවාහයේ බිරිඳ සහ දියණිය කොළඹ සිට forest creek වතුයායෙ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම ගැටුම සිදු වී ඇති බවයි.එහිදී ඔවුන් දෙදෙනා මිය ගිය කාන්තාව තල්ලු කර ඇති අතර,බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොටගල දිසා රෝහලට ඇතුළත් කරන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණි.සැකකාර කාන්තාවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.