හැමෝම දන්න, ප්‍රසිද්ධ TikTok තරුවකට ලිංගික අතවර චෝදනා - වහාම අත්අඩංගුවට.. (PHOTOS)
Sexual harassment
TikTok
South Korea
Social Media
Latest Headlines
By krishani
සුප්‍රසිද්ධ TikTok තරුවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොරියාවේ Seo Won Jeong ය.
ඒ ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනාවක් එල්ල වීම හේතුවෙන් ය.
ඒ අනුව විදෙස් මාධ්‍ය පැවසුවේ කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු ''Mama Guy'' යන නාමයෙන් ලෝකය පුරා ප්‍රසිද්ධව වූ අයෙකී.
වයස අවුරුදු 27ක තරුණයෙක් වන ඔහු කොරියාවේ වඩාත්ම ජනප්‍රිය TikTok නිර්මාපකයෙකු හා ඉතා ආකර්ෂණීය තරුවක් ද වේ.
කෙසේ වෙතත්, මේ වන විට ඔහුට අනුගාමිකයින් මිලියන 55.6ක් පමණ සිටින බව වාර්තා වේ.



