නිදහස ලැබූ ධීවරයින් යළිත් මව්බිමට

MYANMAR ARRESTED FISHERMEN AIRPLANE SEA BORDER
By Sewvandhi Apr 24, 2021 11:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මියන්මාර අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස දිවයිනට පැමිණ තිබේ. ඔවුන් සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් S Q 468 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී යාත්‍රාවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් 12 දෙනෙකුගෙන් යුත් මෙම ධීවරයින් පිරිස මියන්මාර මුහුදු සීමාවට ඇතිළු වී තිබුණි.

ඒ අනුව ඔවුන් මියන්මාර ධීවර බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙරට බලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම ධීවරයින් පිරිස බේරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබුණි.

ඔවුන් එරටින් නිදහස් කිරීමෙන් අනතුරුව ඊයේ (23) රාත්‍රීයේ දිවයිනට පැමිණි අතර නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb