ලොතරැයියේ අංක වෙනස් කර තෑගී ගන්න ගිය සෙබළාට වෙච්ච දෙයක්.

Sri Lanka Police Sri Lanka Lottery nlb
By Wayomi Nov 13, 2023 05:26 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර මුදල් ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සහ කළ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එලෙස ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක් මෙලෙස ලබා ගැනීමට උත්සහ කර ඇත.

එහිදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළවි නියෝජිත වරයා සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකාර සෙබළා මේ ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියක් ද රවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි පොලිසිය කියා සිටියේ.

එම සැකකාර සෙබලා යුද හමුදා කඳවුරක රාජකාරි කරන පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ReeCha