සංචරණ සීමා උල්ලංඝණය කරන අය සොයා යුද හමුදා මෙහෙයුම්.(VIDEO)
Police
Army
Western province
Covid Area
By Aruna
සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට අදාළව පුද්ගලයන් 306 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9,588 ක්.
මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1,826ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3,525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා තිබෙනවා.
අදාල වීඩියෝව පහත ලින්ක් එකෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |