තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී යුද හමුදා බුද්ධි නිලධාරීයෙකු මියයයි

Army
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

පිළියන්දල – පාසල් මාවතේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී යුද හමුදාවේ බුද්ධි බලකායේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ මහනුවර අලවතුගොඩ – මාරුපන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්. ඔහු අනෙක් නිලධාරීන් සමඟ එක්ව තෙමහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ඉහළ මාලයේ සිට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.