ආහාර සහ ඖෂධ වහා එක් රැස් කර ගන්න.. හමුදාපති දැනුම් දෙයි.(VIDEO)

Covid Curfew Police Shavendra Silva Isolating arias
By Aruna May 20, 2021 04:01 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි.

21 වැනිදා සිට සංචරණ සීමා පැන වෙන බව වේලාසන දැනුම් දුන්නේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීම සඳහා බවද ඔහු පැවසීය.

සංචරණ සීමා පැන වූ විට කිසිවෙකුට මං මාවත්වල ගමන් කිරීම ආදී කටයුතු සිදු කිරීමට ඉඩ නොලැබෙන බවද ඔහු සදහන් කරයි.

දීර්ඝ කාලයක් සංචරණ සීමා පැනවීමෙන් පවතින රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට රුකුලක් ලැබෙන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now