ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මිලියන ගානක මත්කුඩු වටලයි [PHOTO]

Report

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු මත, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

2025 .11. 08 වන දින යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත, කොළඹ සංවිධානත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සමඟ මිටියාගොඩ, ගොඩගම ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී රුපියල් මිලියන හැත්තෑ පහක් (රු. 75,000,000.00 ) පමණ විටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 5 ග්‍රෑම් 420ක ප්‍රමාණයක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්කෝටි අටලක්ෂ එකොලොස් දහස් පන්සියයක (රු.10,811,500) මුදලක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට අදාල ඉදිරි නීතිමය කටයුතු ගාල්ල දිස්ත්‍රික් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙතින් සිදු කරනු ලබයි.

මේ අතර 2025 නොවැම්බර් මස 06 දින යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව දෙනියාය වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව මාතර, කොටපල ප්‍රදේශයේදී රුපියල් මිලියන 662 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝ 110යි ග්‍රෑම් 450ක් සමඟ දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery