යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටී දැඩි හානී.

Army
By Thaya Mar 01, 2021 06:11 PM GMT
Report

කැලණිය සහ වනවාසල අතර තෙලගපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැනිකේ සීඝ්‍රගාමි දුම්රියේ යුද හමුදා බස් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් තිබෙනවා. හේකිත්ත ප්‍රදේශයේ සිට පනාගොඩ යුද හමුදා පාලන කඳවුර වෙත මෙම යුද හමුදා බස් රථය ධාවනය වෙමින් තිබී ඇති අතර එම අවස්ථාවේදී එහි හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කළේ. අනතුරෙන් යුද හමුදා සාමාජිකයින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර බස් රථයට හානි සිදුවී තිබෙනවා.


GalleryGalleryGalleryGalleryGallery