ඩො. බිලියන 1.8ක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක්
මෙම වාසනාවන්ත ලොතරැයිපත අර්කන්සාස් (Arkansas) ප්‍රාන්තයේ කැබට් (Cabot) නගරයේ ඉන්ධන පිරවුම්හලකින් අලෙවි වූවක් බවට වාර්තා වේ.
එහි ජයග්‍රාහී අංක වශයෙන් 4, 25, 31, 52, 59 සහ විශේෂ පවර්බෝල් අංකය ලෙස 19 සටහන් වී තිබුණු බව සඳහන්.
ලොතරැයි ක්‍රියාකරුට අනුව, ආකැන්සාස් හි විකුණන ලද ටිකට් පතකින් පවර්බෝල් ජැක්පොට් එකක් දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර පවර්බෝල් ජයග්‍රාහකයා හඳුනා ගෙන නැති බව සඳහන්.
කෙසේ වෙතත් ජයග්‍රාහකයාට සම්පූර්ණ ත්‍යාග මුදල වසර 29ක් පුරා වාරික ලෙස ලබාගැනීමට හෝ බදු ගෙවීමෙන් අනතුරුව ඩොලර් මිලියන 834.9ක මුදලක් එකවර ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
කෙසේ වෙතත් මාස තුනක පමණ කාලයක් කිසිදු ජයග්‍රාහකයෙකු නොමැතිව ඉදිරියට ඇදුණු මෙම ලොතරැයිය, අවසානයේ නත්තල් තෑග්ගක් වශයෙන් පිරිනමා ඇත.
එමෙන්ම මීට පෙර 2022 වසරේදී කැලිෆෝනියාවෙන් වාර්තා වූ ඩොලර් බිලියන 2.04ක ජයග්‍රහණය ලොව විශාලතම ලොතරැයි ජයග්‍රහණය ලෙස තවමත් පවතී.