ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 314 වාර්තා වූ ප්‍රදේශ

Covid-19
By Thaya Mar 14, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිතයින් 314 දෙනෙකු ඊයේ (13) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඊයේ හඳුනාගැනුණු ආසාදිතයින්ගෙන් 33 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 87,600 දක්වා ඉහළගොස් තිබේ. ඉන් 84,253 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමා අවසන් කර ඇති අතර 2,821 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ. තවත් කොවිඩ් ආසාදිත මරණයක් සෞඛ්‍ය අංශ ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 526ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර වවුනියාවේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන තිබේ. 700 කට ආසන්න පිරිසක් එහි සේවයේ නියුතු අතර ඔවුන් සියලුදෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්


GalleryGallery