විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත කෙටුම්පත් කිරීමට අනුමැතිය....

Tax
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Report

බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමේ අරමුණින් විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. පසුගිය අයවැයේදි ඉදිරිපත් වූ යෝජනාවකට අනුවයි මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත හඳුන්වාදීමට රජය සැළසුම් කර ඇත්තේ. යෝජිත නව පනත මගින් මත්පැන් / සිගරට් / වාහන / සන්නිවේදන / සහ ඔට්ටු ඇල්ලීම වැනි ක්ෂේත්‍රවලට අදාළව භාණ්ඩ හා සේවා බදු අය කිරීම සරල කිරීම අපේක්ෂාව බවයි රජය පවසන්නේ.