අනුරාධපුර දිස්ත්‍රික් RMV කාර්යාලය තාවකාලිකව වසාදමයි

Anuradhapura
By Thaya Jan 25, 2021 07:19 PM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා මේ බව සඳහන් කරයි.

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මතු වු අවදානම් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට යුහුසුළුව ක්‍රියාකරමින් සිටින බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දක්වා ඇත.