ATM මුදල් කොල්ලය කැමරා කාචයේ සටහන් වූ අයුරු(VIDEO)
අද උදෑසන 6.45ට පමණ අනුරාධපුර නව බස්නැවතුම්පොළ අසල පිහිටා ඇති පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ ගෙන තිබුණි.
එම මුදල් තැන්පත් කිරීමට යාමේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මිරිස් කුඩු ගසා එම මුදල් සොරකම් කිරීමට උත්සහ දරා තිබුණි.
මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේ බැංකුව සතුව රුපියල් කෝටි 4 කට ආසන්න මුදලක් තිබී ඇතැයිද වාර්තා විය. එම මුදල සොරා ගැනීමට යාමේදී බැංකුවේ ආරක්ෂක නිලධාරීන්, බැංකු නිලධාරීන් සහ සැකකරුවන් දෙදෙනා අතර පොර බැදීමක් සිදුව තිබුණි.
පොලීසිය පැවසුවේ එලෙස දෙපිරිස අතර පොර බැදීම සිදුවන අතරතුර වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇති අතර එහිදී සැකකරුවන් මුදල් සොරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පළාගොස් ඇති බවය.
එම සිද්ධිය සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.
එම දර්ශන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....