තවත් හඳුන් දිවියෙකු අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි.
කළුතර වලල්ලාවිට හොරවල-පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේ දී ඊයේ 22 දා උදෑසන ත්‍රිරෝද රථයක ගැටී හඳුන් දෙවියෙකු මරණයට පත් වුණා.හඳුන් දිවියා සැලකෙන්නේ මෙරට බිලාල කුලයේ දෙවැනි විශාලතම සත්වයා ලෙසටයි.උසින් අඩි දෙකකට ආසන්න ගැහැණු සතෙකු වන මෙම සත්වයා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ රැගෙන ගියා .මෙම ප්‍රදේශයේ දීම පසුගිය දෙසැම්බර් මස තුන්වන දින ද මෙලෙසම වාහනය ක ගැටී පිරිමි හඳුන් දිවියෙකු මිය ගියා.මෙම ප්‍රදේශය ආශ්‍රිතව විශාල වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එම වනාන්තර ආශ්‍රිතව හඳුන් දිවියන් ගේ විශාල ගහණයක් සිටිනවා.කෙසේ වෙතත් මෙම වනාන්තර තුළ වෙසෙන හඳුන් දිවියන් මෙන්ම අනෙකුත් වනජීවීන් රැක ගැනීම සඳහා ප්‍රදේශයට වනජීවි කාර්යාලයක් නොමැති වීම බරපතළ අඩුවක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙසෙන වන ජීවීන් රැක ගැනීම සහ වනජීවී අපරාධ සිදු වීම වලක්වා ගැනීම සඳහා වනජීවි කාර්යාලයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ස්ථාපනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
