රිය අනතුරකින් තවත් පොලිස් පරීක්ෂක වරයෙක් ජීවිතක්ෂයට
Police
By Thaya
නිට්ට්ඹුව කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවු රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසය ට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂක වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරු පැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබූ බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.බවුසරයේ රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.ඔහු 36 හැවිරිදි නුගදෙනිය දෙනිය ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.