පෙළපාලියට එරෙහිව තවත් පෙළපාලියක් !!!

March
By Thaya Feb 06, 2021 06:47 PM GMT
Thaya

Thaya

Report

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නැගෙනහිර පලාතේ සිට ආරම්භ කොට ඇති විරෝධතා පා ගමනට විරෝධය පලකරමින් යාපනයේ විරෝධතා පාගමනක් (04) සවස සංවිධානය කොට තිබුණි. යාපනය බස් නැවතුම්පල අසලින් ආරම්භ වූ මෙම පාගමන යාපනය පුස්තාලය දක්වා ගමන් කිරීම සිදු වූ අතර යාපනයේ ශ්‍රීලංකා නිදහස්පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතා පාගමන සංවිධාන කොට තිබුණි. එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිටියේ, ‘ අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආරම්භ කොට ඇති රාජ්‍ය විරෝධී පාගමන කිසිදු සාධාරණත්වයක් නොමැති සම්පූරණයෙන්ම දෙමළ දේශපාලනික පක්ෂ වෙනුවෙන් පමණක් සිදු කෙරෙන ජනතාව මුලාවේ දමන පාගමනක් බවටය.

ඇමරිකාවේද යුද්දය හේතුවෙන් මානව හිමිකම් කඩවී ඇති අවස්ථාවක ශ්‍රීලංකාවේ යුද අපරාධ සිදු වේයැයි පවසමින් අසරණ ජනතාව බිල්ලට තබා කොටි හිතවාදී දෙමළ ඩයස් ෆෝරාව, දේශපාලන පක්ෂ විසින් වෙනත් අරමුණු සඳහා මෙලෙස විරෝධතා පා ගමන් සිදු කිරීම රටටම සිදු කෙරෙන අගෞරවයක් ලෙසටය. තවද අතුරුදහන් වූවන්ට විසඳුම් ලබාදීම පුරාවිද්‍යා උරුමයන් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකැම වැනි පාඨයන් පවසා දෙමළ ජනතාව හා අනෙකුත් ජාතීන් අතර ගැටීමක් ඇති කිරීමේ උත්සහයක්ද මෙම පාගමනෙන් සිදුවන අතරම අධිකරණ නියෝගයන්ද කඩ කරමින් 06 වනදින යාපනය දිස්ත්‍රීක්කයට ලඟා වීමට නියමිතව ඇති රථ පෙලපාලිය සහ පා ගමන සඳහා යාපනය ජනතාව පමණක් නොව උතුරු නැගෙනහිර ජනතාවම හෙලාදැක ඇති බවට විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසීය.