බදුල්ල පිළිකා ඒකකයෙන් තවත් කොවිඩ් මරණයක්

Covid-19
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයෙන් මේ දක්වා වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගිය 05 වනදා එක් මරණයක් සිදුව තිබූ අතර අද (07) උදෑසන ද එම ප්‍රතිකාර ඒකකයේ සිටි තවත් පිළිකා රෝගියෙකු මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොවිඩ් -19 ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබුණි. ඒ අතර රෝගීන් හා ඔවුන් රැකබලා ගැනීමට රැඳී සිටි පිරිසක් මෙන්ම ගැබිනි වෛද්‍යවරියක් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් වන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර ඊයේ (06) දිනයේ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී තවත් ආසාදිතයින් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලෙන් වාර්තා වූ බව පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය