තවත් කොරෝනා ආසාදිතයෙකු පලා යයි... වධානයෙන් පසුවන්න.

Corona
By Thaya Jan 22, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (21) දිනයේ දී එම ආසාදිතයා පළාගොස් ඇති බවයි.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවට සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය දී මෙලෙස පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පළාගිය කොවිඩ් ආසාදිතයා සම්බන්ධයෙන් මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.