තවත් කොරෝනා පැණියක් කරළියට - පැය 72කින් ලෙඩා සුව නොවුනොත් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි

Corona Honey
By Thaya Jan 23, 2021 07:26 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත ඔහු කියා සිටී.

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03කින් පුර්ණ සුවය ලබන බවත් ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඒ මහතා පවසයි.