"මාස්ක්" කර්මාන්ත ශාලාවකින් තවත් කොරෝනා පොකුරක්...දැඩි අවධානම් තත්ත්වයක්.
Corona
By Thaya
පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරණායක මහතා පැවසුවේ ඊයේ (25) දිනයේ එම කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගත් බවයි.
ඒ අනුව, එම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ද බණ්ඩාරණායක මහතා කියා සිටියා.