විදේශගතව සිටි තවත් 36 දෙනෙකු දිවයිනට

36 foregners return
By Thaya Dec 28, 2020 07:06 PM GMT
Report

විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් ඇතුලු පුද්ගලයන් 36 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ඉන්දියාවේ සිට 18 දෙනෙකු / කටාර් සිට 16 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට 02 දෙනෙකු වශයෙනුයි.

එමෙන්ම අද දිනය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 150 දෙනෙකු / මාලදිවයිනේ සිට 05 දෙනෙකු සහ පකිස්ථානයේ සිට පුද්ගලයන් 04 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක පුද්ගලයන් 5595 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටිනවා.