පොලීසියෙන් නිවේදනයක්

srilanka police Sl police department of police related covid 19
By Sithumi May 10, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, 2021 මැයි 15 හා 16 යන දිනයන් හි පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත නව නිලධාරීන් පුහුණුව සඳහා වු කැඳවීම තාවකාලිකව අවලංගු කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා අයදුම්කරුවන් 1,010 දෙනෙක් වෙත කැඳවීම් ලිපි යවා ඇත.

ඔවුන් මැයි 15 හා 16 යන දිනවල කළුතර, නිකවැරටිය, බොරලන්ද හා මහියංගනය යන පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත පුහුණු බඳවා ගැනීමට නියමිතව තිබුණි. රට තුළ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බඳවා ගැනීම් නැවත දැනුම්දෙන තුරු අවලංගු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 



Join ow