කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් (VIDEO)

heavy rain weather department rough sea andaman island bay of bengal
By Sewvandhi May 21, 2021 09:59 AM GMT
Report

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අඩු පීඩන තත්ත්වය 23 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමෙන් හැකියාව ඇති බවය.

එම පද්ධතිය වයඹ දිශාවට ගමන්කර මයි 26 වනදා වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

එම කාලය තුළදී, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now