මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම්.. ගවමස් විකිණීම තහනම්..
Minuwangoda
By Thaya
මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබේ.
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.
2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබේ.
නගර සභා බල ප්‍රදේශය තුළ එළුවන් කුකුළන් ඌරන් වන සතුන් මැරීම තහනම් කළ නමුත් එම මස් අලෙවිය සඳහා පමණක් අවසරය දෙන බවත් ඔහු පැවසීය.
ශ‍්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නගර සභාවේ පූර්ණ සහාය ලබා දීමේ වැඩපිලිවෙලක් ලෙස මෙම තීරණය ගත් බවද ඔහු තවදුරටත් කියා සිටියේය