අප්‍රේල් 14 වෙනිදා මුලු ලංකාවම කළ යුතු දෙයක් ගැන අනිල් ජාසිංහ කියයි.

Sri Lanka
By Thaya Feb 03, 2021 01:48 PM GMT
Report

මේ වසරේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට පැළයක් සිටිවීමේ නැකතක් ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ මගින් විශාල පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියා.

"සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් ජනතාව වැඩි උනන්දුවක් දක්වනවා. මේ පැළයක් සිසුවීමේ නැකත් කාලය ඊට ඇතුළත් කළේ ඒ නිසයි. මේ අදහස ඉදිරිපත් කිරීම තුළ අපිට ලොකු ගමනක් යෑමට හැකියාව ලැබෙයි."