වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගෙන් අනතුරු ඇඟවීමක්
පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයෙන් ජනතාව ඉදිරියේදී ද කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයත් උද්ගත වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. අද පෙරවරුවේ 'රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ,
"දැනට තියෙන අනෙක් ප්‍රභේදවලයි ඩෙල්ටා ප්‍රභේදයෙයි රෝග ලක්ෂණවල ලොකු වෙනසක් වාර්තා වෙන්නේ නෑ. ප්‍රධානම දේ වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙනවා. බරපතළ තත්ත්වයන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. ඇල්ෆා ප්‍රභේදය ලංකාවේ පැතිරීමට ප්‍රධාන සාධකයක් වූණේ අපේ තිබුණු හැසිරීම් රටාවේ වෙනස. විශේෂයෙන් අලුත් අවුරුදු සමයේ.
අපි ආයෙත් ඒ වගේ හැසිරෙන්න ගියොත් ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක අපි ආයෙත් ලොකු අනතුරකට පත්වෙනවා."
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම කුමන ආකාරයෙන් පවතී ද යන්න නිශ්චිත තොරතුරක් මේ වනවිටත් ලැබී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මේ අතර ඩෙල්ටා වෛරස ප්‍රභේදයේ පැතිරීම සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව ආණ්ඩුව ඉදිරි තීරණ ගන්නා බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |