රුපියල් 76,000 හේ බෙහෙත් ඖෂධය 370ට ලබා ගැනීම ගැන ප්‍රබලයෙකුගෙන් අනාවරණයක්..

Government Employee Hospitals in Sri Lanka Medicines
By Aruna Jan 22, 2025 06:27 AM GMT
Aruna

Aruna

Report

මීට පෙර රු. 76,000 ට තිබු බෙහත් ඖෂධයක් දැනට රු. 370 වැනි මිල විෂමතාවයක් යටතේ ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ (NMRA) සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් අදහස් දැන්වීමක් සිදු කර තිබෙනවා.

රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී අදහස් දක්වමින් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ, ඖෂධ මිල සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවක විශේෂඥ වෛද්‍ය කොටසක් හෘද සැත්කම් සඳහා භාවිත කරන ඖෂධයේ මිල විෂමතාව හඳුනාගෙන ඇති බවයි.

රිදියගම සිංහ පැටවුන්ට නම් තියන්න මහජනයාට මෙන්න දුර්ලභ අවස්ථාවක්.. සිංහයින් බලන්න නිදහස් දා රිදියගමට හැමෝම එන්න.(PHOTOS/VIDEO)

රිදියගම සිංහ පැටවුන්ට නම් තියන්න මහජනයාට මෙන්න දුර්ලභ අවස්ථාවක්.. සිංහයින් බලන්න නිදහස් දා රිදියගමට හැමෝම එන්න.(PHOTOS/VIDEO)


වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැහැදිළි කළේ, මෙම එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොවන බවත් එය හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවත්ය.

"අපට ටෙන්ඩරයක් ලැබුණු විට එක් එන්නතකට රුපියල් 50,000ක පමණ මුදලක් ලබා දී ඇති බව අපි දුටුවෙමු.

NMRA සමාලෝචන කමිටුවේ විශේෂඥ වෛද්‍යවරයකු අසාමාන්‍ය මිල වෙනසක් සොයා ගත් නිසා ඔහු ටෙන්ඩරය අවලංගු කිරීමට නියෝග කර ඇත," වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී එම ඖෂධයේ මිල රු. 2018 දී 76,000 ක් වූ අතර, එම කාලය තුළ NMRA විසින් මිල පාලනයන් පැනවූයේ නැත.

සැපයුම්කරුවන් විසින් සඳහන් කර ඇති මිල ගණන් පමණක් සලකා බැලූ බව ඔහු පැවසීය. "ඒ නිසා 2018 දී ආනයනකරු රුපියල් 76,000ක් දක්වා ඇත. 

අලුතෙන් එන වාහන ගැන ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්..නව වාහන මිල සහ පැරණි වාහන වල මිලට වෙන දේ මෙන්න.

අලුතෙන් එන වාහන ගැන ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්..නව වාහන මිල සහ පැරණි වාහන වල මිලට වෙන දේ මෙන්න.


කෙසේ වෙතත්, සැපයුම්කරුගේ සහතිකය අලුත් කළ යුතු බැවින්, එම මිල දැන් සංශෝධනය විය යුතුය.

මිල සමාලෝචනය කර ඖෂධය නිසි ලෙස මිල කරන බව අපි ආනයනකරුට දන්වා සිටියෙමු." ඔහු පැවසීය.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, අවශ්‍ය කරන ලද විමසීම්වලින් අනතුරුව NMRA විසින් ඖෂධය රු. 370, එය සැබෑ මිල වේ.

You May Like This Video


ReeCha