යතුරුපැදිකරුවන්ගෙන් සිදුවන රථවාහන අනතුරු අවම කර ගැනීමේ දීප ව්‍යාප්ත වැඩ සටහනක් ..

Traffic
By Thaya Mar 15, 2021 08:35 PM GMT
Thaya

Thaya

Report

සීඝ්‍රයෙන් ඉහළ යන අනතුරු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන පාර්ශ්වකරුවන් ලෙස හඳුනාගෙන ඇති යතුරුපැදි ධාවකයන් ඉලක්ක කර ගනිමින් යතුරුපැදි ධාවනය කළ යුතු ආකාරය සහ යතුරුපැදි ධාවනයේ දී ප්‍රමිතියෙන් යුත් හිස් ආවරණ භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරනු ලබයි..

දිවයින පුරා පිහිටි සෑම දිස්ත්‍රික්කය ම පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් යතුරුපැදිකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිති කර ගනිමින් ආරම්භ කළ අතර, එහි සමාරම්භක උත්සවය ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ , සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිළබද ජාතික සභාවේ සභාපති ආර්.එල්.ඇන්ටන් ද මෙන්ස්, රථවාහන නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) සුමිත් නිශ්ශංක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ (අධ්‍යක්ෂ- රථවාහන හා මාර්ග ආරක්ෂාව ශ්‍රී ලංකා රථවාහන පොලිස් මූලස්ථානය) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.00ට ගාලු මුවදොර පිටියෙන් ආරම්භ විය.

මෙහි දී ශ්‍රී ලංකා පොලීසිය, ජාතික රෝහල, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමග යතුරුපැදිකරුවන්ට ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස් වැස්මක් මිලදී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුම්වත් කිරීම අමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. විශේෂයෙන් ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්, යතුරුපැදිකරුවන් පළඳින ආරක්ෂිත හිස් වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව, නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දැරීම අනිවාර්ය කර තිබෙන අතර හිස් වැස්මක් මිලදී ගැනීමේ දී මේ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස මහජනතාව දැනුම්වත් කර සිටී

Gallery