හිස් ආවරණයක පැළඳීමේ ඇති වැදගත්කම පිළිබද දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක් ...
Srilanka
Helmet
By Thaya
ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන පාර්ශවකරුවන් වන්නේ යතුරුපැදි ධාවකයින් ය. එම නිසා යතුරුපැදි ධාවකයින් ඉලක්ක කර ගනිමින් යතුරුපැදි ධාවනය කළ යුතු ආකාරය සහ යතුරුපැදි භාවිතයේදි ප්‍රමිතියෙන් යුතු හිස් ආවරණයක් පැළඳීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පාරිභෝගික සේවා අධිකාරිය සමග එක්ව පැවැත්වීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව කටයුතු සුදානම් කර ඇත.
එහි සමාරම්භක අවස්ථාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දින පෙ.ව. 9.00ට ගාලු මුවදොර පිටියේ වන් ගෝල් ෆෙස් (One Galle face) සංකීර්ණය ඉදිරිපිටදි ආරම්භ කිරිමට කටයුතු සුදානම් කර ඇති අතර එම වැඩසටහන දීප ව්‍යාප්තව ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.