ඉන්දීය නාවික හමුදාව ගුවනින් සහ මුහුදෙන් ගිහින් කරපු සුපිරිම ගේම මෙන්න..

Ministry of Defense Sri Lanka India
By Aruna Jan 06, 2024 05:18 AM GMT
Aruna

Aruna

Report

සෝමාලියාවේ වෙරළ ආසන්නයේදී මුහුදු කොල්ලකරුවන් විසින් ඉන්දියානු නාවිකයන් සහිත නෞකාවක් පැහැරගෙන තිබෙනවා.

පැහැරගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ‘MV Lila Norfolk’ සමීපව නිරීක්ෂණය කරන බවයි, ඉන්දීය නාවික හමුදාව පසුගියදා ප්‍රකාශ කළේ.

ලයිබීරියානු ධජය සහිත යාත්‍රාවේ ඉන්දියානු කාර්ය මණ්ඩලය 15 දෙනෙකු ගමන්ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

හමුදා නිලධාරියෙක් පැවසුවේ, මේ වන විට ඉන්දියානු නාවික හමුදාවේ ගුවන් යානා නෞකාව සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින අතර කාර්ය මණ්ඩලය සමඟ සන්නිවේදනය පවත්වාගෙන යමින් සිටින බවයි.

ඉන්දීය නාවික හමුදාව වැඩිදුරටත් පවසන්නේ, ඉන්දීය යුද නෞකාවක් වන ‘INS චෙන්නායි’ නෞකාව මෙම නෞකාවට සහායවීමට යොදවා ඇති අතර, නාවික හමුදාවට අයත් ගුවන් යානයක්, පැහැරගත් නෞකාවට ඉහලින් පියාසර කර, එය සමඟ සබඳතා ගොඩනඟා ගත් බවයි.

Sponsored By Sarrita Jewellery


ReeCha