බෙනගමුවේ නාලක හිමිගෙන් පැහැදිලි කිරීමක්

Explanation
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සෞඛ්‍ය විද්‍යත්මකව,භූ විද්‍යාත්මකව ගෙන තිබෙන තීන්දුව යොදාගෙන රජයට එරෙහිව කටයුතු කිරීම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල පවත්නා නොදන්නාකම පෙන්නුම් කිරීමක් බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පැවසුවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කුමන හෝ දෙයක් යොදාගෙන පවත්නා රජයට පහර ගැසීම, කරදර කිරීම විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සිදුකරන අතර එය රටේ පවත්නා නරකම දෙයක් බව උන්වහන්සේ කියාසිටියා.

මෙවැනි කාරණයකදී විරුද්ධ දේශපාලන පක්ෂ එරෙහි විය යුත්තේ රටට හා ජනතාවට හානි වන ලෙස රජය තීන්දුවක් ගෙන ඇත්නම් පමණක් බවයි උන්වහන්සේ සඳහන් කළේ. එමෙන්ම කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් අතන මෙතන ගනු ලබන තීන්දු හෝ WHO තීන්දුව හෝ අදාළ නොවන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් වන හෙයින් රටේ පොළව,භූගත ජලය ආදිය සම්බන්ධයෙන් සලකා බලා එම මෘත දේහ ආදාහනය කිරීමට ගෙන තිබෙන තීන්දුවට නැත්නම් එම නීතියට අවනත විය යුතු බව ද උන්වහන්සේ පැවසුවා. එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තීන්දු කර ඇති බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ රාජ්‍ය නීතියට අවනත වන ලෙසත් යැයි උන්වහන්සේ කියා සිටියා. සෞඛ්‍ය විද්‍යාත්මකවයි එම තීරණය ගෙන තිබෙන්නේ. දේශපාලන පක්ෂ ලෙස තීන්දු නොගත යුතුවෙනවා. අපිට කිසිවිටෙක මහන්සිවෙලා හදපු ආණ්ඩුවට එරෙහි වෙන්න අවශ්‍ය නැහැ. අපි වැඩ කරන්නේ ආණ්ඩුව අමාරුවේ වැටීම වළක්වා ගැනීමට.

යහපාලන ආණ්ඩුවෙන් වැඩක් නැති නිසා තමයි අපි මේ ආණ්ඩුව හැදුවේ. අපි දැක්කනේ ශානි අබේසේකරලා වගේ අය රාජ්‍ය තන්ත්‍රයේ බලපෑම මත කරලා තියෙන දේවල්. පළාත් සභා මේ රටට අනවශ්‍යයි. එය අනවශ්‍ය බරක්. පළාත් සභා හැදුවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න. නමුත් එය සාර්ථක වුණේ. නැහැ. යුධමය හා දේශපාලනික තීන්දු ලෙස එය අවසන් වුණා.

නමුත් පළාත් සභාවෙන් විසඳුමක් ලැබුණේ නැහැ. ඉන්දියාවේ බලපෑම මත තමයි ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව මේ පළාත් සභා ගෙනාවේ. පළාත් සභා කියන්නේ තේරුමක් නැති වියදමක්. ඒ වගේම තමයි රටේ සම්පත් විදේශ රටවලට විකිණීම අපි අනුමත කරන්නේ නැහැ. රටේ සම්පත් රට තුළම කළමනාකරණය කරගන්න අවශ්‍යයි. යනුවෙන් ද බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසුවා.