වැඩිදියුණු කරන ලද Standby feature එකක්... Windows 10X එකට..Microsoft සමාගම සූදානම් වෙයි

Windows Microsoft
By Thaya Jan 02, 2021 06:20 AM GMT
Thaya

Thaya

Report

Microsoft සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතියේ නව version එකක් නිකුත් කිරීම වෙනුවෙන් වැඩ කරමින් සිටින අතර එය මෙම වසරේදී නිකුත් කිරීමට සූදානම් ව තිබුණත්, මේ වන විට එය 2021 වසර දක්වා කල්දමා ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙලෙස මූලික සැලසුම් වල වෙනස්කම් සිදු කරමින් එය 2021 වර්ෂයේ දෙවන කාර්තුවේදී නිකුත් කිරීමට Microsoft සමාගම සුදානමින් සිටින අතර, මෙම නව මෙහෙයුම් පද්ධතිය නම් කර තිබෙන්නේ Windows 10X ලෙසයි.

Windows 10 ද ඇතුළු පොදුවේ Windows මෙහෙයුම් පද්ධතියේ වල දක්නට ලැබුණු දුර්වලතාවයක් වූයේ එය sleep කළ විට wake up කිරීම සඳහා ගත වන කාලය වැඩි වීම වන අතර Windows 10X සමඟ එයට විසඳුමක් ලබාදීමට Microsoft සමාගම සූදානම් වෙනවා.

ReeCha