බුද්ධි අංශයේ හදිසි වාර්තාවක්... ආණ්ඩුව සම්බන්ධයෙන් හෝඩුවාවක්..

Emergency
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රජය ඉන් පරාජය වන බවට බුද්ධි අංශ විසින් සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇතැයි සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සෙංකඩගල ආසනයේ සමගි ජන බලවේගය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වීමත් සමග ආණ්ඩුව බුද්ධි අංශ යොදවා සමීක්ෂණ දෙකක් සිදු කළ බවත් ඒ සමීක්ෂණ දෙකෙන්ම ආණ්ඩුව පරාජයට පත් වන බව හෙළි වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.