එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් අභියාචනාවක්

Report

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට එරෙහිව කොළඹ මහාධිකරණය පවරා ඇති නඩුව ඉවත දමන්නැයි එම සමාගම ඉදිරිපත් කළ විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ අතර එයට එරෙහිව අදාළ සමාගම ගොනුකළ විශේෂ අභියාචන පෙත්සම නොවැම්බර් 4 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

ඒ අනුව  අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචන පෙත්සම සලකා බැලිණි. සී කොස්ටෝඩියම් සමාගම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනිබත් වීමෙන් අනතුරුව සී කොස්ටෝඩියම් නමැති තම සමාගමට එරෙහිව නිතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවත් එම නඩුව ඉවත දමන්නැයි තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් තමන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම අභියාදනාධිකරණය නිෂප්‍රභ කළ බව සඳහන් කරමින් පෙත්සම්කාර සමාගම මෙම විශේෂ අභියාචනා පෙතසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා” සරත් ජයමාන්න සහ සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ