ශීනාගේ පරීක්ෂණයක් ගැන චෝදනාවක්

covid19 accusation dehiwala sheena lion vet nary department
By Sewvandhi Jun 29, 2021 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදනය වූ බව කියන ශීනා නැමැති සිංහ දේනුවගේ සෙම් පටල සාම්පල මෙතෙක්, සතුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සදහා නිර්දේශ කර ඇති පර්යේෂණාගාරයක් වෙත යොමු කර නොමැති බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ ශීනා සිංහ දේනුවට කොරොනා ආසාදනය වූ බවට නිවේදනය කර ඇත්තේ මිනිසුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදු කරන රාගම රෝහලේ පර්යේෂණාගාරය මගින් බවයි.

You may like this video


මෙරට සතුන්ගේ කොරෝනා පර්යේෂණ පැවැත්වීමට නිර්දේශ කර ඇති එකම පර්යේෂණාගොරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සතුව පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමය ප්‍රකාශ කළේ මිනිසුන්ගේ පරීක්ෂණ සිදු කරන පර්යේෂණාගාරයක් මගින් සත්වයෙකුට කොරෝනා ආසාදනය වූ බව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දෙහිවල සත්වෝද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

කොරෝනා ආසාදනය වූ තෝර් නැමැති සිංහයා සහ ශීනා නමැති සිංහ ධේනුව මේ වනවිට සුව අතට පත්වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now