කොන්ක්‍රීට් ලෑල්ලක යාඥාවක් කරමින් සිටිය දී ගැඹුරු ළිඳකට ඇද වැටෙයි - 35ක් ජිවිතක්ෂයට.. (VIDEO)

India Accident
By krishani Mar 31, 2023 06:19 AM GMT
krishani

krishani

Report

මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ කෝවිලක ළිඳක් මත තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන යාඥා කරමින් සිටිය දී ඔවුන්ගේ බරට එය කඩා වැටී පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම අනතුරෙන් 14 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර Beleshwar Mahadev Jhulelal කෝවිලේ සංවිධානය කර තිබූ යාඥා උත්සවයක් අතරතුර දී මෙම සිදුවීම සිදුව ඇත්තේ.

ළිඳ ආවරණය කරන කොන්ක්‍රීට් ලෑල්ල මත මොවුන් සිටගෙන සිටිය දී මීටර් 12ක් පමණ ගැඹුරු ළිඳට ඇද වැටි ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එරට ප්‍රාන්ත සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය ඇතුළු 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින අතර මහ ඇමති ශිව්රාජ් සිං චෞහාන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් 500,000 බැගින් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බව සදහන් කර ඇත.

කෙසේවෙතත්, විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත.

දර්ශන අයිතිය - India Today Y-Tube Channel



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN



ReeCha