බිත්තියක් කඩා වැටී අවුරුදු 8ක දරුවෙක් මරුට

child
By Thaya Dec 29, 2020 08:24 PM GMT
Report

මාවතගම පිටකන්ද ජනපදය ප්‍රදේශයේදී නිවසක බිත්තියක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැරණි නිවසක බිත්තියක් කඩා ඉවත් කරමින් සිටින ස්ථානයක සිටියදී මෙම දරුවා අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (29) පස්වරුවේදීයි.

මියගිය දරුවාගේ වයස අවුරුදු 8ක් පමණ වන බව පොලිසිය සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.

නිවසක තාප්පයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පසුගිය 26වනදාද වයස අවුරුදු 14 ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ වාලච්චේන නාවල්අඩි ප්‍රදේශයේදීයි.