ආණ්ඩුව තුළ මතවාද තිබුණත් අභ්‍යන්තර ආරවුලක් නෑ.
ආණ්ඩුව තුළ මතවාද තිබුණ ද අභ්‍යන්තර ආරවුලක් නොමැති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සමග පැවැති මතවාදී ගැටලුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව විසඳු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සිටින ඇතැම් පක්ෂ වලට තනි තනි ගමනක් නොමැති බවයි. ඒ නිසා කවුරුන් කෙලෙස කොහේ සාකච්ඡා කලත් අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුව ඉදිරියට යාමට සිදුවන බවද ඇමතිවරයා පෙන්වා දෙයි. කොළඹ සිරිමාවෝ බන්ඩාරණායක අනුස්මරණ ශාලාවේදී පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් රණතුංග මහතා මෙම අදහස් පල කළේය. පසුගිය සිකුරාදා (12) පැවැති මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත් වුනේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සහ කර්මාන්ත ඇමති විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීම විශේෂත්වයකි. Be Sri Lankan Buy Sri Lankan ප්‍රදර්ශනය සහ ලංකා පැක් සමුළුව හා ප්‍රදර්ශනය
මෙම ශාලාවේදී එකම මොහොතේදිම පැවැත්විනි. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංගඩමහතා මෙසේද කිවේය. “ විමල් වීරවංශ ඇමතිතුමා එක්ක අපිට කිසිම ගැටලුවක් නෑ.එතුමා කියූ ප්‍රකාශයක් ගැන අපි අපේ විරෝධය පලකලා. ජනාධිපතිතුමත්,අගමැතිතුමත් ඒ ගැටලුවට විසදුමක් ලබා දුන්නා. මේක පක්ෂ කිහිපයක්එකතු වෙලා හදපු ආණුඩවක්. ආණ්ඩුව තුල කටයුතු කිරීමේදී ආණ්ඩුවේම අනෙකුත් පක්ෂ වල ක්‍රියාකාරිත්වය පිලිබඳව විවේචනයන් කිරිමේදි ඒ පිලිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම වුනොත් තමයි අපිට ශක්තිමත්ව ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන්. ප්‍රශ්නය - ඔබ ඉන්නේ කොයි පැත්තෙද ?
පිලිතුර - මම ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. මට පක්ෂයක් තියෙනවා. පොහොට්ටුව කියන්නේ මගෙ පක්ෂයි. මේ පක්ෂය නියෝජනය කිරීම මට ආඩම්භරයක්. පලාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනෙ කියලා එලියට බැහැපු කෙනෙක් මම.ඔය සමහරු අද කෑගැහුවට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න ඕන කියපු අය තමයි ඒ. මම මේ පක්ෂය වෙනුවෙන්ඕනෑම තැනක පෙනී ඉන්නවා. හැබැයි ආණ්ඩුවේ අපි අතර අර්බුදයක් ඇති නොවීමටත් අපි වගබලා ගන්නවා.