කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ දෙනු - රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් තදබල දැන්වීමක්.
Covid-19
Cremation
By Thaya
කොරෝනා මෘත දේහයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආගමික විශ්වාස හා සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ එසේ සිදු කරමින් ජනතාවට තම විශ්වාස වලට අනුකූලව ඔවුන්ගේ ඥාතීන්ට සම්ප්‍රදානුකූලව සමු දීමට අවස්ථාව උදා වනු ඇතැයි බලපොරොත්තු වන බව ඇමෙරිකාව කියා සිටී.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යයාලය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
කොරෝනා හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමිවී ඇතැයි ද එහි දැක්වෙයි.