වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්කයක සියලුම පාසල් වසා දමයි.

covid All schools in a district are closed. kegalla distric sabaragamuwa provings
By Aruna Apr 27, 2021 05:46 AM GMT
Report

සබරගමුව පළාත් සභාව යටතේ පවතින කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වැසෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසනවා.

මේ අතර වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පසුගිය දා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා එකසිය හතක් අතුරින් පී.සී.ආර් පරීක්ෂණ පනස් තුනක වාර්තා ඊයේ පස්වරුවේ දී සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබෙනවා.

එම වාර්තා පනස් තුනෙන් පුද්ගලයන් හතලිස් හය දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් පස් දෙනෙකු ද මේ වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබීම නිසා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස තිස් වනදා දක්වා වසා තැබීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලදාරින් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම නිසා අද උදෑසන ප්‍රදේශයේ පාසල් අවට ජන ශුන්‍යය ස්වාභාවයක් ගත් අතර නගරයට පැමිනෙන ජනතාවගේ ද අඩුවක් දක්නට ලැබෙනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAiXMA