මත්පැන් සාදයකට එක්වූ තිදෙනෙකුගෙන් 02ක් හදිසියේ මරුට.

Police Gagana Alkohol party Galenbidumuwewa
By Aruna Apr 17, 2021 03:48 AM GMT
Report

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වූ මත්පැන් සාදයකට එක්වූ තිදෙනෙකුගෙන් දෙදෙනකු හදිසියේම මිය ගොස් ඇත.

ගලෙන්බිඳුණුවැව පඬිකාරමුල්ල ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මත්පැන් සාදය පවත්වමින් සිටියදී මෙම තිදෙනා ම එකවර සිහි සුන් වී තිබේ. එනිසා ඔවුන් කඩිනමින් රෝහල වෙත රැගෙන යද්දී දෙදෙනෙකු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

ඔවුන් විසින් පානය කරන ලද මත්පැන් විෂ වූයේ දැයි පරීක්ෂණ පවත්වමින් සිටියි.