පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ගෙන් දැනුම් දීමක්.(VIDEO)
නිරෝධායන රීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉන් 206 දෙනෙකු පමණ අත්අඩංගුව ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේදීය. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 12,748කි.
අද දිනයේත් පොදු ප්‍රවාහන සේවා සහ කුලී රථ සේවා ක්‍රියාත්මක නොවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 14කදී සහ බස්නාහිර පළාතට ඇතුළුවන ස්ථානවලදී සිදු කළ මෙහෙයුම්වලදී වාහන1,620ක් පරීක්ෂා කර තිබේ.
මේ අතර ඊයේ දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකදී ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් නිරෝධායන රීති කඩකරන්නන් සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණි.
එහිදී නිරෝධායන රීති දැඩි ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |