රාත්‍රී සමාජ ශාලා කරන අයට රතු එළියක්(VIDEO)

ajith rohana covid 19 hotel night club
By Sewvandhi Apr 30, 2021 08:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ බස්නාහිර පළාතේ රාත්‍රී 6-7 ත් අතර පැවති විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් කළ අතර, එහි දී එතුමා සඳහන් කර සිටියේ රාත්‍රී සමාජ ශාලා,මත්පැන් විකුණන තැන් ,හෝටල් යනාදිය ආශ්‍රිතව මෙම මෙහෙයුම පැවැත්වූ බවයි.

එහි දී ආයතන 930 පරික්ෂා කෙරුණු අතර පුද්ගලයන් 5700ක් පමණ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි දී නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කළ 7ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එතුමා සඳහන් කළේ.

එමෙන්ම වැඩිදුරටත් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එතුමා සඳහන් කළේ මින් ඉදිරියටත් මෙවැනි ස්ථානවල දිගටම පරීක්ෂණ කටයුතු පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now