ජාත්‍යන්තර ගුවන්තොටු පොළකට ගුවන් ප්‍රහාරයක්... 22ක් බිලි

Airport
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Thaya

Thaya

Report

යේමනයේ සන්ධාන රජය බලය බෙදාගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ පැවති සාකච්ඡා අවසන් කරමින් පැමිණීමත් සමග එරට ඒඩන් ගුවන් තොටුපළට ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.

මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වූ බව නව රජයේ ප්‍රකාශක රාජේ බඩි පැවසීය. යේමනයේ අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මාලෙක් පවසන පරිදි සියලුම කැබිනට් සාමාජිකයන්ට මෙම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැත.

ගුවන් තොටුපළට එල්ල වූ මිසයිල නිසා පිපිරීම් සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැත. බඩි පැවසුවේ පරීක්ෂණ තවමත් අවසන් කර නොමැති බවයි.

මෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.