පාරිභෝගිකයා හා ගොවි ජනතාව ආරක්ෂාවන අයුරින් කෘෂි නිෂ්පාදන
ඉදිරි වසර වලදී පාරිභෝගික ජනතාව හා ගොවි ජනතාව ආරක්ෂා වන අයුරින් කෘෂිකාර්මික හා සත්ව නිෂ්පාදන අංශයන් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්දා නන්ද අළුත්ගමගේ මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ හා පශු සම්පත් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදිය.
මෙහිදී මේ වර්ෂ්‍ය සදහා එළවළු, පළතුරු සහ වී ඇතුළු කෘෂිකර්ම නිෂ්පාදනත් ( මස්, බිත්තර ,කිරි, ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, මිරිස්, ළුෑණු, අර්තාපල් හා සත්ව නිෂ්පාදන )පාරිභෝගික අවශ්‍යතාවය වෙළඳපොලට ලබා දීම පිළිබඳව විශේෂ සාකච්ජාවක්ද පැවැත්විණ.
මීට පෙර වර්ෂ වලදී මෙවැනි පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපොල තුළ සහ සුලභ වීමෙන් අධික ලෙස මිල ඉහළ යාමත් පහළ යාමත් නිසා පාරිභෝගික ජනතාව මෙන්ම ගොවි ජනතාවද ඉතා අපහසුතාවයට මුහුණදීමට සිදු විය.
ඒ නිසා වර්ෂය ආරම්භයේදී මෙම වර්ෂයේ මාස 12 ම රටේ පාරිභෝගික අවශ්‍යතාවයන් සදහා විස්තර පාරිභෝගික අධිකාරිය විසින් ලබාදුන් අතර මෙම අවශ්‍යතාවයන් ලබාදීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හා පශු සම්පත් අමාත්‍යංශයේ අදාල නිළධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ විය. සමහර මාස වලදී මෙම අවශ්‍යතාවයට ලබා දීමට නොහැකි වන විට ඒ් වෙනුවෙන් විකල්ප ආදේශකයන් ලබා දීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග යෙදීමට අදාල දෙපාර්තමේන්තු සහ ආයතන වගකීම භාරගන්නා ලදි.
උදාහරණයක් ලෙස රටේ පවතින කාලගුණික හා දේශගුණික හේතූන් මත අල අස්වැන්න අඩු වන විට ඒ සඳහා ආදේශකයක් ලෙස බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ග වෙළඳපොල තුළ බහුල කිරීම සඳහා අදාල භෝගයන් වගා කිරීමට සැළසුම් සහගත කෘෂිකාර්මික සැලැස්මක් සකස් කිරීමට තීරණය විය.
ඒ අනුව 2021 /22 /23 /24 /25 යන වර්ෂ වලදී සැළසුම් සහගත ලෙස කෘෂීකාර්මික හා සත්ව නිෂ්පාදන අංශයන් සැළසුම් සහගතව වගා කටයුතු සහ නිෂ්පාදන කටයුතු සිදු කිරීම තුළින් පාරිභෝගික ජනතාව මෙන්ම ගොවි ජනතාවද ආරක්ෂාකර ගත හැකිවනු ඇත..
මෙම අවස්ථාව , ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමයේ නිළධාරීන්, වී අලෙවි මණ්ඩලයේ නිළධාරීන් සහ අදාල ක්ෂේත්‍රයේ නිළධාරීන්ද සහභාගි වුහ.
