දේශීය පොල් තෙල් වර්ගයක ඇෆ්ලටොක්සීන් - සමාගමට සීල්

srilanka issue Coconut oil
By Sithumi Apr 29, 2021 02:06 PM GMT
Sithumi

Sithumi

Report

ඇෆ්ලටොක්සීන්“ නම් විෂ පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වීම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදන සමාගමක් මුද්‍රා තැබීමටත් ඔවුන් වෙළෙඳපොළට නිකුත් කර තිබු පොල් තෙල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමටත් පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ. මෙරටට ආනයනය කරන ලද පොල් තෙල්වල “ඇෆ්ලටොක්සීන්“ නම් විෂ සහිත පිළිකා කාරක අන්තර්ගත බවට පසුගිය සමයේ ඇතිවු මතභේදාත්මක තත්ත්වයත් සමඟ වෙළෙඳපොළෙන් ගෙන පරීක්ෂණයන්ට ඉදිරිපත් කළ පොල් තෙල් සාම්පලවල වාර්තා නිකුත් වී තිබේ. ඒ අනුව අදාළ පරීක්ෂණයන්හිදි එක් වෙළෙඳ නාමයක් යටතේ වෙළෙඳපොළ තුළ පැවති පොල් තෙල්වල “ඇෆ්ලටොක්සීන්“ විෂ පිළිකා කාරකය සීමාව ඉක්මවා ඇති බව අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් පාරිභෝගික අධිකාරිය එම සමාගමට මුද්‍රා තබා ඇත. මේ පිළිබඳ අදහස් දැක්වු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා. “පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකරන ලද නියැදි 7න් එක් නියැදියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිතීන්ට වඩා ඒකක ප්‍රමාණයක් තිබෙන බව අපට ලිඛිතව ලැබීමෙන් අනතුරුව පාරිභෝගික අධිකාරිය අදාළ සමාගම මුද්‍රා තබලා වෙළෙඳපොළේ ඇති සියලූම දෑ ඉවත් කර ගැනීමට අදාළ සමාගමට ලිඛිතව දැන්වීම් කරලා තිබෙනවා. ලබන අඟහරුවාදා අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මේ වන විට පාරිභෝගික අධිකාරිය අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවා.“ එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ, අසේල බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “ඒ වෙළෙඳනාමය ගැන අද පුවත්පත්වලත් පළ වෙලා තිබුණා. “එන් -ජෝයි“ කියන වෙළෙඳනාමය තමයි ඒ.“ මේ අතර වෙළෙඳපොළ තුළ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ක් වු ගෘහස්ත ගෑස් සිලින්ඩරයට අමතරව ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රිමියර් නව ගෑස් සිලින්ඩරය ද වෙළෙඳපොලට නිකුත් කිරීමට කොන්දේසි කිහිපයක් යටතේ ලිට්රෝ ගෑස් සමාගමට අවසර දුන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය