නිළි රැජිණියගේ දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට

Report

හෙළ සිනමාවේ නිළි රැජිනිගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.   

පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව දේහය පිළිබද අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතය. 

මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට නියමිත අතර පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතය.

පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව ඇත.

‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළාය. 

මහින්දානන්දට ඇප

මහින්දානන්දට ඇප