අවුරුදු 10ක දරුවෙකු විසින් පණගැන්වූ යතුරු පැදියට කුඩා දැරියක් බිළිවෙයි.
Police
Accident
Little baby
By Aruna
නිවසක් තුළ නවතා තිබූ යතුරුපැදියක් වයස අවුරුදු 10ක දරුවෙකු විසින් එක්වරම පණගැන්වීමේදී එය ඉදිරියට ඇදීගොස් වයස අවුරුදු එකහමාරක දැරියකගේ ගැටී තිබේ.
ඊයේ (14) උදෑසන චාවකච්චේරිය මට්ටුවිල් ප්‍රදේශයේ නිවසකදී එම අනතුර සිදුව තිබුණි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.